
Assignment Number 01 MACO 21442 - Traditional Communications "හාස්කම" Short Story Name - T. T. D. Hettiarachchi Index Number - HS/2015/1272 හාස්කම. "සඳු නැඟිටිපන්කෝ.." "මොකද බං මේ උදේ පාන්දර කෑ ගහන්නේ.. විභාගයත් ඉවරයිනේ.." සඳු පොරෝනයෙන් මුහුණ වසාගෙනම කීවාය. "මං ගෙදර යන්න හදන්නේ" එය ඇසුන විගසම සඳු එබී බැලූවේ පුදුමයෙනි. "කුමුදු? ඇයි උඹ හෙට නේද යනවා කිව්වේ?" "අත්තම්මට ටිකක් අසනීපයිලු අම්ම කතා කලා අදම එන්න කියලා." " අනේ ඒ මොකද බං අත්තම්මා හොද නිරෝගී නේ" "හ්ම් ඒක තමයි අම්මාත් කියන්නේ" "හරි මාත් එන්නම් උඹත් එක්ක යන්න" දෙදෙනා ම විගස ලැහැස්ති වූයේ උදෑසනම තිබෙන බස් රථයෙන් ගමට යෑමටය. දහවල් 2 පමණ වන විට ඔවුන් නිවස වෙත ළඟා විය. " අම්මේ අත්තම්මට මොකද? " කුමුදු එන බව දැනගෙනම ඉස්තෝප්පුවට වී බලා සිටින අම්මා ගේ දුක්මුසු මුහුණ දැක කුමුදු ඇසුවාය. " අනේ බලන්නකෝ දැන් කීප සැරයක්ම බෙහෙත් ගත්තත් අඩුවක් නෑනේ." "ඉන්න මං බලන්නම්කෝ" විගසින් අත්තම්මා ...