Assignment Number 01
MACO 21442 - Traditional Communications
"හාස්කම" Short Story 

Name - T. T. D. Hettiarachchi 
Index Number - HS/2015/1272 


හාස්කම. 

"සඳු නැඟිටිපන්කෝ.."
"මොකද බං මේ උදේ පාන්දර කෑ ගහන්නේ.. විභාගයත් ඉවරයිනේ.."

සඳු පොරෝනයෙන් මුහුණ වසාගෙනම කීවාය.

"මං ගෙදර යන්න හදන්නේ"

එය ඇසුන විගසම සඳු එබී බැලූවේ පුදුමයෙනි.

"කුමුදු? ඇයි උඹ හෙට නේද යනවා කිව්වේ?"

"අත්තම්මට ටිකක් අසනීපයිලු අම්ම කතා කලා අදම එන්න කියලා."

" අනේ ඒ මොකද බං අත්තම්මා හොද නිරෝගී නේ"

"හ්ම් ඒක තමයි අම්මාත්  කියන්නේ"

"හරි මාත් එන්නම් උඹත් එක්ක යන්න"

දෙදෙනා ම විගස ලැහැස්ති වූයේ උදෑසනම තිබෙන බස් රථයෙන් ගමට යෑමටය. දහවල් 2 පමණ වන විට ඔවුන් නිවස වෙත ළඟා විය.

" අම්මේ අත්තම්මට මොකද? " කුමුදු එන බව දැනගෙනම ඉස්තෝප්පුවට වී බලා සිටින අම්මා ගේ දුක්මුසු මුහුණ දැක කුමුදු ඇසුවාය.

" අනේ බලන්නකෝ දැන් කීප සැරයක්ම බෙහෙත් ගත්තත් අඩුවක් නෑනේ."

"ඉන්න මං බලන්නම්කෝ"  විගසින් අත්තම්මා ගේ කාමරයට ඇතුළු වූ කුමුදු ඇඳෙන් වාඩි විය.
" අත්තම්මේ මං ආවා.."

"අනේ මගේ පොඩි කෙල්ල මං බලන්න ආවද? මයේ අසනීප වල නම් අඩුවක් නෑ පුතේ. මගේ දුව ඉගෙනීම් පාඩු කරගන්න එපා."

"අනේ නෑ විභාගයත් ඉවරයිනේ.. අතත්ම්මා බය වෙන්න එපා. සනීප වෙයි ඉක්මනින් "

                  *               *                *                *

"පුතේ මං හිතුවේ කිවුලේගෙදර අලුත් බංඩාර දේවාලයට භාරයක් වෙන්න කියලා. අම්මාගේ හිත සුවපත් වෙන්නත් එක්කම. "
කුමුදු ගේ අම්මා කීවේ දෙදෙනාටම ඇසෙන ලෙසය.
" අහ් ඒක හොඳයි අත්තම්මත් ඒ දේවාලයට නිතරම පුද සත්කාර කරනවනේ."

පසුදින උදෑසනම සඳු හා කුමුදු ද අම්මා ද නා පිරිසිදු වී ලැහැස්ති වූයේ අත්තම්මාද සමඟ දේවාලයට යෑම සඳහා ය.

" සඳු දුවත් එක්ක යන එක හොඳයි දූ මේවගේ දේවල් දැකලත් නැහැ නේ."

"ඔව් නැන්දේ මාත් හරිම කැමතියි මේ සිරිත් විරිත් ගැන දැනගන්න. "
සඳු පිළිතුරු දුන්නේ හරිම උද්යෝගයකිනි.

සියල්ලෝම දේවාලයට ගොස් කපු මහතා මුණ ගැසී භාරය පිළිබඳව කතා කරගත්තෝය.

"හොඳයි මේ උපාසක හාමිනේ යම්කිසි කරදරයක් ලෙඩක් දුකක් ඇති වුනාම හැමවිටම මේ අලුත් බණ්ඩාර දෙවි හාමුදුරුවන් ට භාර වෙලා නීරෝගී භාවය පතනවානේ. "
" අපි එහෙනම් පූජාව පටන් ගමු. හැමෝම වැඳ නමස්කාර කරගන්න."

මෙසේ සියලු පූජාවන් අවසන් වූයේ කාගේත් සිත් තුල සැනසීමක් ඇතිකරමිනි.

" මේ දරුවෝ දන්නවාද මේ දේවාලය සෑදීමට මුල් වූ කතාව?  " පූජාව අවසානයේ දේවගැතිවරයා පැවසුවේ සඳු සහ කුමුදු දෙස බලමින් ය.

කුමුදු අත්තම්මා සමඟ දේවාලයට කීප සැරයක්ම පැමිණ තිබුණත් මේ පිළිබඳව කථාවක් නම් අසා තිබුනේ නැත.

"හොඳයි මේ කිවුලේගෙදර පරපුරේ දේවත්වයට පත් හය දෙනෙක් ඉන්නවා. ඔවුන් අපේ ජාතික සටනට උර  දුන් අය. ඒ නිසා ඔවුන්ව දේවත්වයෙන් ඇදහීමේ වරදක් නෑ.
ඉතින් දරුවනේ මේ දේවත්වයට පත් එක් අයෙකු ගැන දන්න අපූරු ජනප්‍රවාදක් මං කියලා දෙන්නම්."



සඳු සහ කුමුදු මේ කතාව ඇසිමට හරි බරි ගැසී අසල ඇති බැංකුවෙන් වාඩි විය.

" එනම් කිවුලේගෙදර මොහොට්ටාල නම් මේ  තරුණයා එම ගම්මානයේ ම තරුණියකට පෙම් කරලා තියෙනවා. ඉතිං මේ තරුණිය ගේ දෙමාපියන් මෙයට අකමැති වූවත් ඔහුගේ හැටි දන්න මවුපියන් අකමැති බව නොපෙන්වා තිස් අමුණක පැසි ඇති ගොයම් එක් දිනකින් කපා අවසන් කරොත් තරුණිය විවාහ කර දෙන ලෙස පවසා තියෙනවා. ඉතින් මෙම අභියෝගය භාර ගත් ඔහු එය ඒ ආකාරයෙන්ම ඉටු කරලා තියෙනවා. ඉතිං දෙමාපියනුත් පොරොන්දු වූ පරිදි දියණිය විවාහ කර දී තියෙනවා.
"පස්සේ අමුණු තිහක ගොයම් එක් දිනකින් කපා අවසන් කළ නිසා ඇති වුණ විඩාවට ඔහු තරුණියගේ උකුල මත බොහෝ වේලාවක් ක්ලාන්ත ගතියෙන් නිදා ගෙන තිබෙනවා. ඒ නිසා ඔහු මිය ගිහින් කියලා හිතලා ඔහුව මිහිදන් කරලා."
"බොහෝ වෙලාවකට පස්සේ වළ තුළින් අවධි වුණ ඔහුගේ කෙඳිරිළි හඬට භිය වුණ ගම්වැසියෝ  වැද්දෙකුට කියලා හීයකින් වළ තුළට විදලා තියෙනවා. ඉතිං ඔහු මිය ගිහින් තියෙන්නේ මේ හී පහරින්. "

" ඒ මරණින් පස්සේ මේ ගමට වසංගත රෝගයක් පවා පැතිරිලා තියෙනවා. ගම් වැසියන් කිවුලේගෙදර මොහොට්ටාල දෙවියෙකු වී ඉපිද ඇතියි කියලා හිතලා ඔහුගේ සොහොන පිරිසිදු කර පුද පූජා පවත්වා තිබෙනවා. ඉතින් වසංගත රෝගයත් මෙයින් තුරන් වෙලා ගිහින්. "

" මෙයින් පස්සේ ගමේ උදවිය මොනයම් ලෙඩක් දුකක් කරදරයක් ඇති වුණත් මේ කිවුලේගෙදර බංඩාර දේවාලයට ඇවිල්ලා භාරයක් වෙන එක එදා ඉඳන් අද දක්වාම  සිරිතක් විදිහට සිදු කරනවා.
ඉතින් එතුමන් වෙනුවෙන් තමයි මේ දේවාලය ඉදි කරලා තියෙන්නේ. "



" අවුරුද්දක් පාහේම පෙරහැර මංගල්‍යයකුත් පවත්වනවානේ. ඉතින් මේ දරුවන්ටත් පුළුවන් ඒකට සහභාගී වෙන්න. "
" මේ පුදබිම ඉතාමත් හාස්කම් ඇති තැනක්. "

අපූරු කතාවට සවන් දුන් සැවොම නිවස වෙත යාමට ප්‍රථම දේවගැතිවරයාට වැඳ ආශිර්වාද ලබා ගත්හ.

" හොඳයි අලුත් බංඩාර දෙවියන්ගේත් සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිටයි. ගිහින් එන්න."

පසුදින හිරු බැසීමටත් පෙර ආත්තම්මාට සුව වූයේ සැබැවින්ම හාස්කමකිනි.











Comments